ප්‍රමුඛ පුවත 1

අතුරළියේ රතන හිමියන්ට සහ විජේදාස රාජපක්ෂටත් විනය පරීක්‍ෂණ [VIDEO]

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි විනය පරීක්ෂණ අද(30) ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

ඒ විනය කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙනි.

පූජ්‍ය අතුරළියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව මෙලෙස විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පූජ්‍ය අතුරළියේ රතන හිමි එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වු අතර විජේදාස රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟකර මන්ත්‍රිවරයෙක් ලෙස තේරී පත් වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් – CID පවසයි.

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment