ප්‍රමුඛ පුවත 1

අලියාවලෙයි මුහුදු තීරයෙන් සොයාගත් සැකකටයුතු පාර්සලය රස පරීක්ෂකවරයා වෙතට

 

(UTV | ‍කොළඹ) – යාපනය – අලියාවලෙයි මුහුදු ප්‍රදේශයේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය බවට සැකකරන පාර්සලය වැඩිදුර විමර්ශණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත නාවික හමුදාවේ සහය ඇතිව මෙම පාර්සලය සොයා ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේය.

කිලෝ 15 ක පමණ බරකින් යුත් එම ද්‍රව්‍ය වැලි සමග මිශ්‍ර කර තිබූ බව නාවික හමුදාව පවසයි.

සැකකටයුතු පාර්සලය ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයට ගෙන ඉන් අනතුරුව එය වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇත.

Related posts

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GSP තාක්ෂණය

Mohamed Dilsad

ජනපති මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට

Mohamed Dilsad

මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 4500කට සමෘද්ධී සහනාධාර

Mohamed Dilsad

Leave a Comment