ප්‍රමුඛ පුවත 1

අමාත්‍යධූරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් යලි ඇමැතිධූර ගැනීමට තීරණයක්

(UTV| කොළඹ) – අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යළි ඇමැතිධූර ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඔහු පැවසුවේ අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි

ඒ අනුව ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අලිසහීර් මවුලානා මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ලෙස පත් කරන්නැයි නිර්දේශ කරමින් අගමැති කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පස්වරුවේ දැනුම් දී ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මාලි ජනපති දිවයිනට

Mohamed Dilsad

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment