ප්‍රමුඛ පුවත 1

මාලි ජනපති දිවයිනට

(UTV| කොළඹ) – හෙට පැවැත්වෙන 71 වන ශ්‍රී ලංකා ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගීවන මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි මහතා දිවයිනට පැමිණෙයි.

ඔහු අද උදාසන 11 20 පමණ දිවයින පැමිණි බව ගුවන් තොටුපල වාර්තාකරු පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව තුන්දින නිළ සංචාරයක් සදහා සෝලි මහතා දිවයිනට පැමිණියේය.

ඊබ්‍රහීම් මොහොමඩ් සෝලි මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය උත්සවයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

මාලදිවයින් ජනාධිපතිවරයා අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ජාතිකයින් හමුවීමට නියමිත අතර හෙට පස්වරුවේ ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වුයේ 1965 ජුලි මාසයේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට

Mohamed Dilsad

රවීන්ද්‍ර විපේගුණරත්න මහතා අද (05) යළිත් අධිකරණයට..

Mohamed Dilsad

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

Mohamed Dilsad

Leave a Comment