ප්‍රමුඛ පුවත 1

රුපියල් මිලියන 18කට අධික කොකේන් සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 25ක් සමඟ ඉන්දීය කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චෙන්නායි සිට මෙරටට පැමිණි එම කාන්තාව 37 වන වියේ පසුවනවා.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපළේදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ චෙන්නායි සිට පැමිණි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද (11) අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

අනතුරුව ඔහුව කැදවාගෙන යාමට වෑන් රථයකින් පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවත් පුද්ගලයෙකු ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගත් බව එම කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment