ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු ලෙස ජෙරම් පත් කෙරේ

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට සුදානම් වේ.

නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ඔහුගේ උපදේශය ලබා ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡා අසාර්ථකවී තිබේ.

ඒ නිසා තාවකාලිකව මෙම තීරණය ගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

චන්දික හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරෝධායනය නොවූ අෆ්රඩි අද තරඟයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment