ප්‍රමුඛ පුවත 1

අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද සාක්‍ෂි දෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (06) පෙනී සිටීමට නියමිතය.

අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 2.00 ට ආරම්භ වන අතර අග‍්‍රාමාත්‍යවරයා පස්වරු 06.00 ට පමණ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයාට අමතරව අද දිනයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ භාරව සිටි අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩර යන අයද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විමර්ශන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින්පවතින අතර එහි අවසන් අදියරේ සාක්ෂි විමසීමේ කටයුතු  මේ දින වල සිදු කෙරේ. එම විමර්ශන කඩිනමින් අවසන් කරන බවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕනෑම හදිසි ආපදාවක් දැනුම්දීමට දුරකථන අංක දෙකක්

Mohamed Dilsad

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

පාලිත තෙවරප්පෙරුම අද යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment