ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණෝ අපවත් වෙති

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර නාහිමිපාණෝ අපවත් වෙති.

උන්වහන්සේ අද අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී  අපවත් වුහ.

අපවත්වන විට උන්වහන්සේ 102 වන වියේ පසුවුහ.

1915 දෙසැම්බර් මස 31 වනදා බදුල්ල ,දවුල්දෙණදී  උපත ලද උන්වහන්සේ 1928 මාර්තු මස 8 වනදා පැවිදි දිවියට පිවිසුනේ පූජ්‍ය දවුල්දෙණ ඥාණීස්සර හිමි නමිනි.

ඇටැම්පිටිය විද්‍යාඥාණ පිරිවෙන, හුණුපිටිය ගංඟාරාම පිරිවෙණ සහ මාළඹේ රාහුල විද්‍යාලයේ ගිහි පැවිදි ශිෂ්‍ය පරපුරට සිප් සතරා හදාරාදුන් උන්වහන්සේ උඩරට අමරපුර සාමාග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික ධුරයේ කළක් කටයුතු කළහ.

දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසගේ ගෞරව සම්මානයට පාත්‍ර වෙමින් උන්වහන්සේ 2002 වසරේදි අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත්වූහ.

Related posts

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්

Mohamed Dilsad

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

හම්බන්තොටට මාතරට විදුලිය නෑ

Mohamed Dilsad

Leave a Comment