ප්‍රමුඛ පුවත 1

තම දියණිය දුෂණය කල පියාට වසර 60ක සිර දඬුවමක්

(UTV|මාතර) – වසර කිහිපයක් පුරා අවස්ථා කිහිපයකදී තම දියණියට බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 5 දරු පියෙකුට තංගල්ල මහාධිකරණය විසින් ඊයේ (11)  වසර 60ක සිර දඬුවමක් නියම කර තිබේ.

මෙලෙස අපහරණයට ලක් කර ඇත්තේ  13 හැවිරිදි බාල වයස්කාර දියණියකි.
මෙහිදී අගතියට පත් දියණියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරු එස්. සපුවිද නියෝග කර ඇත.

හුංගම – බටඅත ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි මෙම පියා 2015 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ අවස්ථා ගණනාවකදී බාල වයස්කාර දියණිය අපයෝජනයට ලක් කර තිබෙනවා.

ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

රුසියානු විදේශ අමාත්‍ය සහ චීන විදේශ අමාත්‍ය ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

ජනපති ගෝඨාභය හෙට වැඩ භාරගනී

Mohamed Dilsad

Leave a Comment