විදෙස්

රාජකන්‍යා කුමරිය තායි මැතිවරණයට නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි…

(UTV| තායිලන්ත) – තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම ඊයේ (11) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළැඹෙන මාර්තු 24 වැනිදා එරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කරන ඡන්ද අපේක්ෂයන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය දැනුම් දී තිබේ.

රාජකන්‍යා කුමරිය පසුගියදා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත් වූ අතර තායි රජු මහා වජිරලොන්කොන් එය දැඩි විවේචනයට ලක් කෙරිණි.

තායි රජ පවුල සම්ප්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව ඇති පසුබිමක සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව තායි රජු අවධාරණය කළේය.

ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වන රාජකන්‍යා කුමරිය පවසන්නේ, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වී සාමාන්‍ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට තමාට අවශ්‍ය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝලීය කොරෝනා එන්නතක් සඳහා රටවල් රැසක් එක් වෙයි

Mohamed Dilsad

බස් අනතුරකින් 17කු මරුට

Mohamed Dilsad

ලන්ඩන් නුවර මහල් 24 කින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක්(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment