ප්‍රමුඛ පුවත 1

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

(උදයම්,කොළඹ)  – ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද ලබාදීමට නියමිතය.

ඔහු මේවන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගියදා බන්ධනාගාරය තුළ ආරම්භ කළ උපවාසයත් සමග ඇප ලබාදෙන ලෙස ඉල්ලා අයදුම්පතක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනුකර තිබේ.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනවාරි මස 10 වනදා අත්අඩංගුවට ගැනුණි.

මීට පෙර ඔහු තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක් ගොනුකර තිබූණි.

එහෙත් එය ප්‍රතික්ෂේප කෙරුණි.

ආහාර වර්ජනයක නිරත වෙමින් උපවාසයක් ආරම්භ කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා එය අවසන් කරනු ලැබීය.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මන්ත්‍රීවරයාගේ තත්ත්වය මේ වනවිට සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු පත් කෙරේ

Mohamed Dilsad

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment