ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අද

( උදයම්,කොළඹ) – සයිටම් ආයතනට  විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති වැඩ වර්ජනය පිළිබඳව අද (03)  අවසන් තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අද පෙරවරුවේ විධායක සභාව රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

මේ අතර  සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමයද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Related posts

කතානායකවරයා දිනේෂ්ට යැවු ලිපිය

Mohamed Dilsad

මැතිවරණයේ මන්නාරම දිස්ත්‍රික්කයෙන් අපේක්සෂකයින්ට ඇමති රිෂාඩ්ගේ සහය

Mohamed Dilsad

නීති විරෝධීව සහල් මිල ඉහල දමා ඇති බවට චෝදනා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment