ප්‍රමුඛ පුවත 1

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

(UTV| කොළඹ) – අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (29) පස්වරුවේ අදාළ මන්ත්‍රිවරුන් යළි අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (29) පෙරවරුවේ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

කල්මුණේහි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නිර්ණය කර ඇති ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් මහජන නියෝජිතයින් පසුගියදා ප්‍රශ්න නැගූ අතර  අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී  ඊට අදාළව එකඟතාවක් ඇතිවී තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේය.

තනතුරු අත්හල මුස්ලිම් අමාත්‍යවරුන්ගේ යළි දිවුරුම් දීම ඒ අනුව සිදුවනු ඇතැයි ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

රන් බිස්කට් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සියළුම දේශපාලනඥයින්ට දුෂ්කර ක්‍රියා කිරීමට සිදුවේවි – සජිත්

Mohamed Dilsad

Leave a Comment