ප්‍රමුඛ පුවත 1

රන් බිස්කට් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසකි (1,88,50,000) .

අද(16) උදෑසන රේගු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.මෙහි කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 900 ක් බර රන් බිස්කට් තිබූ බව රේගුව ප්‍රකාශ කරයි.

ඔවුන්ගෙන් එක් අයෙකු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු වන අතර, අනෙක් පුද්ගලයා 43 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් ගුවන් මඟින් ඩුබායි වෙත ගොස් භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයන් බව සඳහන් වෙයි.

ඔවුන් අද උදෑසන 7.30 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එහි පර්යන්ත ගොඩනැගිල්ල තුළ දී , මෙම රන් බිස්කට් මෙම ට්‍රොලියෙහි යට පැත්තේ අලවා ගෙන තිබූ බව රේගුව විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment