ප්‍රමුඛ පුවත 1

‘විල්පත්තුව අවට දැනට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන රජයට පවරා ගන්නේ නෑ’ජනපති

(උදයම්,කොළඹ) – විල්පත්තුව වන උද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත වනාන්තර 04 ක් සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට පසුගියදා ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබීය.

මෙම ගැසට් පත්‍රය මගින් දැනට ජනතාව පදිංචි ගම්මාන, ඉඩම්, නිවාස හා මුස්ලිම් පූජනීය ස්ථාන ආදිය ද රජයට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීමක් සිදුවන බවට ඇතැම් පිරිස් පෞද්ගලික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් සිටී.

මෙම රක්ෂිත වනාන්තර, සංරක්ෂිත වනාන්තර ලෙස නම් කර ගැසට් කිරීමට පියවර ගෙන ඇත්තේ ජනතාව වෙනුවෙන් මුදාහැර ඇති ඉඩම් වලට යාබදව පිහිටි වනාන්තරවල සහ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙනි.

එබැවින් අදාළ ප්‍රදේශවල දැනට ජනතාව පදිංචිව සිටින සහ ජනතාවට නීත්‍යානුකූල අයිතියක් පවතින ගම්මාන, ඉඩම් හෝ මුස්ලිම් පූජනීය ස්ථාන කිසිවක් මෙම ගැසට් පත්‍රය මගින් රජයට පවරා ගැනීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා දන්වා සිටී.

Related posts

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයේදී කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව

Mohamed Dilsad

තරුණ පරපුරගේ උසස් අධ්‍යාපන පිළිබඳව සැලකිලිමත් – ගෝඨාභය [VIDEO]

Mohamed Dilsad

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු හෙට සිට ඉහලට – ආගමන විගමන දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment