ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයේදී කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව

(UTV| කොළඹ)  – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මානව හිමිකම් සංවිධානවලට අවස්ථාව හිමිවී තිබේ.
ඒ අනුව දෙමළ ඩයස්පෝරාව සහ ගෝලීය ශ්‍රී  ලංකා සංසදය ශ්‍රී ලංකාව වෙනුවෙන් සැසිවාරයේ දී අදහස් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
යුද්ධය අවසන් වී වසර 9ක් ගත වුව ද ශ්‍රී  ලංකා රජය මෙතෙක් දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු විසඳුමක් ලබා දී නොමැති බව දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතවරියක් එහිදී ප්‍රකාශ කර තිබේ.
 යුද්ධය පැවති කාලයේ දී හා ඉන් පසුව අතුරුදන්වූවන්ගේ රහස් වාර්තාව මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව ඇය සදහන් කර ඇත.
ඊට මැදිහත් වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද එය ඉටු වී නොමැති බව ද එබැවින් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය මැදිහත් විය යුතු බව ද දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටි නියෝජිතවරිය ප්‍රකාශ කර තිබේ.
මේ අතර ගෝලීය ශ්‍රී  ලංකා සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සම සභාපති රොෂාන් වීරපුරගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදින් සියලු ජනකොටස්වල අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.
යුද්ධයෙන් පසු අවතැන්වුවන් යළි පදිංචිකරවීම, බිම්බෝම්බ ඉවත් කිරීම ඇතුළු රජය විසින් ඉටුකළ කාරණා පිළිබඳව එහිදී ඔහු පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව වැනි රටක් ඉලක්ක කිරීමට මානව අයිතිවාසිකම් භාවිත කිරීමෙන් වළිකින ලෙස රොෂාන් වීරපුරගේ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග‍්‍රාමයක් අරඹන බව ජනපති පවසයි

Mohamed Dilsad

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

Leave a Comment