ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙල අද (11) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පවැත්වෙයි.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පවැත්වෙන සමාරම්භක උළෙල සඳහා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගීවීමට නියමිතය.
ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සමුළුවට රටවල් රැසක  නායකයින් මෙන්ම නියෝජිතයින් 500 ක් පමණ එක්වීමට නියමිතය.
ජනාධිපතිවරයා ඊයේ (10) සමාරම්භක අවස්ථාවට සහභාගීවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය.
එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුවිගන්ෂාම් මහත්මිය විසින් ගුවන්තොටුපළේදී ජනාධිපතිතුමා මහත්හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත්සිං මහතා සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් චිත‍්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදීන්ගේ වත්කම් විමර්ශනයට.

Mohamed Dilsad

කොකේන් සමඟ 17 දෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර රංගන ශිල්පිනියකුත්

Mohamed Dilsad

Leave a Comment