ප්‍රමුඛ පුවත 1

අලි රොෂාන් ඇතුළු 8ක් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (25) නියෝග ලැබුණි.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

ඊට අදාළ නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය ලැබුණු අතර , එහිදී විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම ද සිදුවිය.

නඩුව වැඩිදුර විභාගය සදහා අගෝස්තු මස 02 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති නොර්වේ බලා පිටත් වෙයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment