ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාරයට

(උදයම්,කොළඹ) –  වසීම් තජුඩීන් ඝාතන සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අප්‍රේල් 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද(30) නඩුව කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කර තිබේ.

මෙහිදී අනුර සේනානායක මහතාගේ නීතීඥ ඩේල් ගුණරත්න කියා සිටියේ රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් උදාසීනව පරීක්ෂණ කටයුතු සිදුකරන බවය.

මේ හේතුවෙන් සේනානායක මහතාට වසරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත වී සිටීමට සිදුව ඇතැයි ඔහු පෙන්වාදුන්නේය.

ඔහු පැවසුවේ රිමාන්ඩ් භාරයේ තැබීමේ අරමුණින් ම පරීක්ෂණ ප්‍රමාද කරන බවය.

මෙහිදී ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කියා සිටියේ සැකකරු ඇතුළු පිරිස මේ නඩුවේ සාක්ෂි අවුරුදු ගණනක් වළලා තැබීමට කටයුතු කළ නිසා හා ඉහළ මට්ටමේ අයට චෝදනා එල්ල වී ඇති නිසා ක්‍රමානුකුලව පරීක්ෂණ කළ යුතු බවය.

Related posts

අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් යළි භාර දෙයි

Mohamed Dilsad

පාසැල් 12ක නිවාඩුව දිගු වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment