ප්‍රමුඛ පුවත 1

පාසැල් 12ක නිවාඩුව දිගු වෙයි

(UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් 12ක් සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය කියා සිටියේ එම පාසල් හැර අනෙකුත් සියලූ රජයේ සහ රජයේ අනුමත පාසල් තෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා ලබන මස 2 වනදා විවෘත කරන බවයි.

මෙලෙස වසා තැබෙන පාසල් වන්නේ කොළඹ – රාජකීය , කොළඹ නාලන්දා , බම්බලපිටිය හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා, මහනුවර – කිංග්ස්වුඞ්, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හමුදා බුද්ධි මේජර්වරයෙක් ලෙස හදුන්වාගත් අයෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

සූරියවැව මහජන පොළ දින 07 කට වාරණයක්.

Mohamed Dilsad

තද වැසි සහ සුළං අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment