ප්‍රමුඛ පුවත 1

වැසි තත්ත්වය තවදුරටත්

(UTV| කොළඹ) – දිවයින හරහා (විශේෂයෙන් දකුණු අර්ධයේ) සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුලං තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා .

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ දක්වා වන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා තද සුළං ද ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ සහ කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔන්ලයින් ක්‍රමයෙන් රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය පරික්ෂණයට වේලාව වෙන් කිරීමට අවස්ථාව.

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

Mohamed Dilsad

Leave a Comment