ප්‍රමුඛ පුවත 1

ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද (12) විභාගයට ගැනීමෙන් පසුවය.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 19 වන දා විදෙස් සංචාරයකින් පසු යළිත් දිවයිනට පැමිණීමට නියමිත බවය.

ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ප්‍රකාශක් ලබා ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා අදත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙයි

Mohamed Dilsad

මහින්දට පාඩමක් ඉගැන්වීමට සජිත්ට ජන්දය දෙන්න – වික්ටර් [VIDEO]

Mohamed Dilsad

ඇමති නලින් බණ්ඩාර FCID යට එයි

Mohamed Dilsad

Leave a Comment