ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා අදත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙයි

(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) තෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි.

අවසන් වරට ඔහු පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එහිදී ඔහුගෙන් පැය 9කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා ද මොහුගෙන් පැය 9කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැළණිවැලි දුම්රිය මාර්ගයේ අලුත් වැඩියාවක්

Mohamed Dilsad

තවත් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කලහකාරී සිද්ධිය ගැන විමර්ශන කමිටුව අදත් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment