Trending News

දැන් බීමත්ව රිය පදවන්නේ බලාගෙනයි

(උදයම්,කොළඹ)  – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂිත යන්ත්‍රයක් පොලිස් ස්ථාන අතර බෙදා දීමට සැලසුම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් වලදී සිදු කෙරෙන ප්‍රාශ්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තා ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම නව උපකරණයෙන් හැකිවේ.

ඒ අනුව ‘බ්‍රෙතලයිසර්’ නම් මෙම යන්ත්‍ර පළමු වරට කොට්ඨාශ රථ වාහන අංශ වෙත බෙදා දිමට සැලසුම් කර ඇත.

මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ පොලිස් රථවාහන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුලුවක්  ලබන 30 වනදා පැවැත්වෙන බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

Related posts

Ammonia gas tank explosion at Rubber factory in Horana

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගත් තීරණයට, එජාපය කෘතඥතාව පළ කරයි

Editor O

தாதியர் வெற்றிடங்கள் எதிர்வரும் ஜூன் மாதமளவில் நிரப்பப்படும்

Mohamed Dilsad

Leave a Comment