විදෙස්

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

(උදයම්,ඇමෙරිකාව)  –  න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා ජගත් සංවිධානයේදී ආරම්භ වෙයි. ඊයේ ආරම්භ වූ මෙම සාකච්ඡා සඳහා ලොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් සහභාගීවී සිටී.

මෙම සාකච්ඡා වල අරමුණ වන්නේ න්‍යෂ්ටික අවි භාවිතය වැළැක්වීමේ නීතිමය බැදීමක් සහිත සම්මුතියක් ඇති කරලීමය.

නමුත් ලොව විශාලතම න්‍යෂ්ටික බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය මෙවර සමුළුව ආරම්භයේදීම එම සාකච්ඡාවලින් ඉවත්වී ඇත.

ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජගත් සංවිධාන තානාපතිනිය නිකී හාලේ පවසා ඇත්තේ මෙවැනි සම්මුතිකයක් සැකසීම ප්‍රායෝගික නොවන බවය.

උතුරු කොරියාව වැනි රටකින් එල්ල වන න්‍යෂ්ටික තර්ජන නිසා මෙවැනි සම්මුතියක් ක්‍රියාත්මක කරලීම ආරක්ෂක අවදානමක් බව ඇය සදහන් කර තිබේ. ඇමෙරිකාව සේම රුසියාව සහ චීනය ද ඊයේ මෙම සමුළුවට සහභාගීවී නොමැති බව වාර්තාවේ.

Related posts

කොරෝනා හේතුවෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට බලපෑම්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා වෛරසයට ගොඳුරු වූ සංඛ්‍යාව නව ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…

Editor O

Leave a Comment