විදෙස්

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

(උදයම්,ඇමෙරිකාව)  –  න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා ජගත් සංවිධානයේදී ආරම්භ වෙයි. ඊයේ ආරම්භ වූ මෙම සාකච්ඡා සඳහා ලොව රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් සහභාගීවී සිටී.

මෙම සාකච්ඡා වල අරමුණ වන්නේ න්‍යෂ්ටික අවි භාවිතය වැළැක්වීමේ නීතිමය බැදීමක් සහිත සම්මුතියක් ඇති කරලීමය.

නමුත් ලොව විශාලතම න්‍යෂ්ටික බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය මෙවර සමුළුව ආරම්භයේදීම එම සාකච්ඡාවලින් ඉවත්වී ඇත.

ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනය නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජගත් සංවිධාන තානාපතිනිය නිකී හාලේ පවසා ඇත්තේ මෙවැනි සම්මුතිකයක් සැකසීම ප්‍රායෝගික නොවන බවය.

උතුරු කොරියාව වැනි රටකින් එල්ල වන න්‍යෂ්ටික තර්ජන නිසා මෙවැනි සම්මුතියක් ක්‍රියාත්මක කරලීම ආරක්ෂක අවදානමක් බව ඇය සදහන් කර තිබේ. ඇමෙරිකාව සේම රුසියාව සහ චීනය ද ඊයේ මෙම සමුළුවට සහභාගීවී නොමැති බව වාර්තාවේ.

Related posts

සියලු රාජ්‍යයන් යුක්රේන ජනතාව සමග සිටින බව බයිඩ්න් කියයි

Mohamed Dilsad

වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…

Mohamed Dilsad

ඩොනල්ඞ් ට්‍රම්ප් දෝෂාභියෝගය පරදී

Mohamed Dilsad

Leave a Comment