ප්‍රමුඛ පුවත 1

මාදම්පේ ගින්නක් ලොරි රථයක් විනාශවෙයි

(UTV| කොළඹ) – හලාවත මාදම්පේ පැරණි නගරයේ අබලි යකඩ එකතු කිරීමේ ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

අද (02) අළුයම ඇතිවූ ගින්නෙන් ලොරි රථයක් මුළුමනින් විනාශ වී ඇත.

තවත් ලොරි රථ දෙකකට සුළු හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

ගින්න පාලනය කිරීම සදහා හලාවත නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය දැනුවත් කිරීමට මාදම්පේ පොලීසිය කටයුතු කර තිබේ.
නමුත් රියදුරෙකු නොමැති වීම හේතුවෙන් ගින්න පාලනය කිරීම ප්‍රමාද වීමට හේතුව වූ බව මාදම්පේ පොලිසිය පවසයි.

ඒ අවට පිහිටි නිවාස කීපයකට ගින්න පැතිර යාමවැලැක්වීමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසින් එකතුව  විශාල පරිශ්‍රමයක් දරා තිබේ.

හේතුවෙන් පැයකට පමණ පසු ගින්න පාලනය කිරීමට හැකි වී ඇත.

ගින්න හේතුවෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

මාදම්පේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජීප් රථ අනතුරකින් පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි 5 ක් රෝහලේ

Mohamed Dilsad

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

කෝප් කමිටු රැස්වීමට අද සිට මාධ්‍ය ආවරණය

Mohamed Dilsad

Leave a Comment