ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු යුද හමුදා කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – අමෙරිකානු තානාපතිනී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ඉදිකිරීමේ කිසිදු සැලසුමක් හෝ අභිලාශයක් නොමැති බව අමෙරිකානු තානාපතිනී අලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී සඳහන් කර සිටියේ මෙරට තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට යන බවට අසත්‍ය ප්‍රචාර පැතිර යන අතර එවැනි කිසිදු හමුදා කදවුරක් ස්ථාපති කිරීමේ සැලැසුමක් නොමැති බවයි.

දැනට දෙරට අතර සාකච්ඡා සිදුකරමින් පවතින්නේ සහයෝගීතා පහසුකම් පිළිබද පමණක් බවත්, ඕනෑම ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මුළුමනින්ම ගරුත්වය දක්වමින් සිදුවනු ඇති බවත්, ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Mohamed Dilsad

TNA නායකයින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකචාඡාවකට සුදානම්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි..

Mohamed Dilsad

Leave a Comment