ප්‍රමුඛ පුවත 1

නව බස් ගාස්තු ප්‍රතිපත්තිය වහා ක්‍රියාත්මක කරන්නැයි බස් මගීන්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – බස් ගාස්තු විෂමතා ඉවත් කර, නිවැරදි බස් ගාස්තුවක් සකස් කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව මාර්ග සියයක ගාස්තු ඇතුළත් කර පිරිවැය 12ක් පිළිබඳ සලකා බලා සකස් කිරීමට නියමිත නව බස් ගාස්තු ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

එසේම මේ හේතුවෙන් ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව අද (01) දින බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද, එය අතහැර දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය අප අගය කරන නමුත්, බස් මගීයාට මෙන්ම බස් කර්මාන්තයට ද හානියක් නොවනු පිණිස ඉතාම කඩිනමින් නව බස් ගාස්තු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ද සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment