දේශීයප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

(උදයම්,කොළඹ ) – සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවි කිරීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් බලධාරීන්ට දැනුම් දෙයි.

මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ තෙල් සහ සීනි අධික ආහාර රෝහල් තුළ අලෙවි කිරීම නතර කරන ලෙසයි.

රෝහල් තුළ ඇති ආපනශාලාවල සහ රෝහල් හරහා සිදුවන වෙළෙදාම් කටයුතුවලදී මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී ඇත.

රෝගවලට තුඩු දෙන ආහාර ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා රෝහල් පරිශ්‍ර තුළ කිසිඳු අවස්ථාවක් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

දිවයින පුරා සියලු රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ලිඛිතව මෙම උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

නීතිපති කරුණු දක්වා අවසන්

Mohamed Dilsad

මාරක අනතුරු කිහිපයක් – 4ක් මරුට

Mohamed Dilsad

ජනවාරි මාසයේ දී වෙඩි තැබීමේ සිද්ධීන් 13ක්

Editor O

Leave a Comment