ප්‍රමුඛ පුවත 1

ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ වර්ජනය අවසන්

(උදයම් ,කොළඹ) – ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට විරෝධය පළ කරමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබේ.

අද (5) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද සාකච්ඡා පවත් වන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.

ඒ අනුව හෙට (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත්, තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් මාරඹගේ මහතා සඳහන් කරයි.

Related posts

අලි රොෂාන් නඩුවේ විරෝධතාවය අධිකරණය පිළිගනී

Mohamed Dilsad

නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වලට එකඟ නෑ – අමැති රිෂාඩ්

Mohamed Dilsad

ග්‍රීන් කැබින් කොල්ලුපිටියේ ශාඛාව සමු ගනී

Mohamed Dilsad

Leave a Comment