ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයගේ නඩුවට අදාළව විශේෂ මහාධිකරණයෙන් නියෝගයක්

(UTV| කොළඹ) –  ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාට ලබන 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝගයක් නිකුත් කරයි.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළවය.

මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් – සභාපති , සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නීතිය නිලධාරිනිය අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් ඉල්ලා ඇති ඇතැම් ලේඛන සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පියාගේ සහෝදරයන්ද අත්අඩංගුවට

Mohamed Dilsad

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

Mohamed Dilsad

පළතුරු ශාක කැපීම තහනම්,පලතුරු බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment