ප්‍රමුඛ පුවත 1

පළතුරු ශාක කැපීම තහනම්,පලතුරු බද්ද ඉහළට

(UTV|පොළොන්නරුව) – සියලුම පළතුරු ශාක කැපීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් ගෙන එන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

දේශීය පළතුරු සඳහා වැඩි වටිනාකමක් ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ විශේෂඥයින් පිළිගත් සහ නම් කරන සියලුම පලතුරු ගස් බලපත‍්‍ර නොමැතිව කැපීම තහනම් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී  පෙන්වාදුන්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(24) පෙරවරුවේ පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

දේශීය පළතුරු ගොවියා මුහුණපා ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනය කෙරෙන පලතුරු සඳහා බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙන අතර, එම වැඩපිළිවෙළ ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පොළොන්නරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීම අද (24) පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයෙන් ආනයනය කල සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අගමැතිගෙන් ලංගමට

Mohamed Dilsad

රත්‍රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්න

Mohamed Dilsad

Leave a Comment