ප්‍රමුඛ පුවත 1

අසාමන්‍ය ලෙස දුම්රිය ගාස්තු ඉහල දමා ඇත්නම් පැමිණිලි කරන්න

(UTV| කොළඹ)  – ඇතැම් ගාස්තු දුර ප්‍රමාණයන් අනුව සියයට 15කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වානිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා පවසයි.

දුම්රිය ගාස්තු ඇතැම් ගමන් වාර සඳහා සියයට 35 කින් සහ තවත් සමහරක සියයට 50කින් වැඩි කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් අදාල ප්‍රතිශතය ඉක්මවා සිදු කර ඇති මෙම ගාස්තු වැඩි කිරීම  දරා ගත නොහැකි බව දුම්රිය මගීන් චෝදනා කරයි.

මේ නිසා සංශෝධනය ඉක්මවා යමින් අසාමන්‍ය ලෙස ගාස්තු ඉහල යාමක් සිදුව ඇත්නම් ඒ පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරී කාර්යාලයට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය වානිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා ඉල්ලා සිටියේය.

එලෙස ඉදිරිපත් වන  පැමිණිලි සලකා බලා ගැටළු සහිත දුම්රිය ගාස්තු සංශෝධනය කරන බවද නියෝජ්‍ය වානිජ අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය බන්ධනාගාර රැදවියන් පිරිසක් ආහාර වර්ජනයක

Mohamed Dilsad

විරෝධතාවයක් හේතුවෙන් රථ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment