ප්‍රමුඛ පුවත 1

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකට පැමිණිලි 10ක් ඉදිරිපත් වී ඇති බව වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ (26) දින මෙම පෙත්සම් ඉදිරිපත් වී ඇති බවයි.

මෙහිදී පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ දෙමළ ජාතිකයින් 08 දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු වන අතර එහි කාන්තාවන් තිදෙනෙකු සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව කියන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසියෙකු බැවින් මෙලෙස එම පැමිණිලි ඇමෙරිකානු අධිකරණය හමුවේ ගොණුකර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

මදුෂ් ඩුබායි වලින් පිටුවහල් කරන්නේද නැද්ද? තීරණය අද

Mohamed Dilsad

අදත් සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

Leave a Comment