ප්‍රමුඛ පුවත 1

මුහුණ ආවරනය කරන ඇඳුම් සම්බන්ධව ඇති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනයට සුදානම්

(UTV| කොළඹ) – මුහුණ සහ දෙකන් වසා ඇඳුම් ඇඳීම තහනම් කරමින් රජය නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව එම ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ‘දෙකන් ඇතුළුව මුහුණ වසාසිටීම තහනම්ය’ යන නීතිය ‘මුහුණ පමණක් වසා සිටීම තහනම්’ බවට සංශෝධනය කිරීමට නියමිත කැබිනට් ආරංචි මාර්ග කියයි.

ප‍්‍රසිද්ධ ස්ථානයකදී යම් තැනැත්තකු හඳුනාගැනීමට බාධා විය හැකි පරිදි, සිය සම්පූර්ණ මුහුණ සැඟවෙන පරිදි ඇඳුමක් හෝ ඇඟලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වූ අතිවිශේෂ ගැසට් නිර්දේශය මේ අනුව සංශෝධනය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිප්‍රස් වලදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ සියළු රාජ්‍ය ආයතන වල ආගමික වැඩසටහන්

Mohamed Dilsad

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක්

Mohamed Dilsad

Leave a Comment