ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ණයක්

(UTV| කොළඹ) – ජාත්‍යන්තර බැඳුම්කර හරහා ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම බැඳුම්කර නිකුත් කර ඇති අතර ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වසර 5කින් කල් පිරෙන ලෙසත් තවත් ඩොලර් බිලියන 1.5 ක් වසර 10කින් කල් පිරෙන ලෙස බැඳුම්කර නිකුත් කර ඇති බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වසර පහකින් කල් පිරේන බැඳුම්කර 6 . 6 %කටත් වසර 10 කින් කල් පිරේන බැදුම්කර 7. 8 %ක ස්ථාවර පොළී අනුපාතයක් යටතේ නිකුත් කර ඇත.

මෙම බැඳුම්කර නිතුවේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 02 ක බැඳුම්කර ලබාගත්ත ද ඒ සඳහා ඩොලර් බිලියන 6.2 ක ඉල්ලුමක් පැවති බව මහ බැංකුව පවසයි.

එහිදි වැඩිම ඇමෙරිකානු හා යෝරෝපා ආයෝජකයින් වැඩි පිරිසක් මෙම බැඳුම්කර සඳහා ඉල්ලුම් කර තිබීම ද විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාය යාමේ අවදානම තවත් පැය 24කින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

වැස්සේ අඩු වීමක්

Mohamed Dilsad

කටාර් රියාල් භාර නොගන්නා ලෙස වන ප්‍රචාර අසත්‍යයි- මහ බැංකුව

Mohamed Dilsad

Leave a Comment