ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ඇරඹේ

(UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර සාකච්ඡාවක් පැවැත්වූවත් , දින දෙකක කාලයක් දුම්රිය වර්ජනය කිරීමට දුම්රිය වෘත්තිය සමිති මේ වන විට තීරණයකට එළඹ ඇත.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ තීරණ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙසක් උත්සවය නිමිත්තෙන් සියලූම සුරාසැල් දින 4 ක් වසා තැබේ.

Mohamed Dilsad

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

Leave a Comment