ප්‍රමුඛ පුවත 1

ෆේස් බුක් සාදයක සිටි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

(UTV|බලංගොඩ)  – බලංගොඩ ,බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති මුහුණු පොතේ මිතුරන් එක්ව පැවැත්වූ සාදයක් වටලා තිබේ.

මෙහිදී , නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ 51 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 160 ක්, කොකේන් මිලිග්‍රෑම් 300 ක්, අයිස් මිලිග්‍රෑම් 50 ක් සහ මත්පෙති සොයාගත් බවය පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලය වෙත භාරදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපේක්ෂකයින් සියළු දෙනා හෙට මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

කල්මුණේ උපවාසයේ නිරත හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු උපවාසය අත්හරී

Mohamed Dilsad

Leave a Comment