ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමි අපවත් වෙති

(UTV|ගාල්ල)  –  ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති ,දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පූජ්‍ය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නාහිමියෝ අපවත් වෙති.

අද (09) අළුයම අපවත් වී ඇති බව වාර්තා වෙයි.

1924 වසරේ ජූලි මස 15 වනදා පල්ලතර දී උපත ලබා 1941 වසරේදී මුල්කිරිගල රජමහා විහාරයේ දී පැවිදි බව ලැබූ පල්ලතර ශ්‍රී  සුමනජෝති නාහිමියෝ අපවත් වන විට 95 වන වියේ පසු වුහ.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන 12 වනදා ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විට්ස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්න

Mohamed Dilsad

මධුෂ් සමඟ සිටි පුද්ගලයින් 31 දෙනෙකු අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment