ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන බවත් සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නැති වුණු රණ මයුර සම්මානය යළි භාර දෙයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

සයිටම් ආයතන ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment