ප්‍රමුඛ පුවත 1

කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

(UTV| කොළඹ) – මාස 3 කට පසු පාකිස්ථානයේ කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද (1) පස්වරු සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ විය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුධමය වාතාවරණය හේතුවෙන් පාකිස්තාන රජය තාවකාලිකව ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මෙම ගුවන් ගමන් අත් හිටුවා තිබුණි.

පාකිස්තානයේ කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය අද දහවල් 12.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර, එය කරච්චි නුවර වෙත පස්වරු 3.10 ට ළගා වීමට නියමිතයි.

පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 ට කටුනායක ගුවන්තොටුපල බලා පිටත් වනු ඇති.

මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ – 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි මගීන් 166 ක් කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් ගත්හ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සයිටම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලඟදීම

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment