විදෙස්

ඉන්දියාවට GSP තීරු බදු සහනය අහිමි වෙයි.

(UTV|ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව වෙත ලබාදී තිබූ ප්‍රමුඛතා තීරු බදු සහනය ලබන 5 වන දා සිට අවසන් කිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ප්‍රගමනය අරමුණු කර ගනිමින් ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය හඳුන්වා දුන් අතර ඒ සඳහා ඇමරිකානු වෙළඳපොළට තීරු බදු රහිතව පිවිසීමේ අවකාශය හිමිවේ.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සංවර්ධන වෙමින් පවතින රටවලට ලබාදෙන එම සහනය ඉන්දියාවට තවදුරටත් සහතික කළ නොහැකි බවයි.

ඒ අනුව ඇමරිකාව වෙත අපනයනය කෙරෙන ඩොලර් බිලියන 5.7ක් පමණ වන ඉන්දීය ආනයන සඳහා තීරු බදු ලබන 5 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොහොමඩ් නෂීඩ් ඝාතන ප්‍රයත්නයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලේ

Mohamed Dilsad

සීමාවන් දීර්ඝ කළත් ඉන්දියාවේ කටයුතු කෙමෙන් යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment