Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ජපානයට සුනාමියක්…

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් සුනාමි රළ උතුරු ජපානයේ වෙරළ තීරයන් වෙත ඇතුළු වී තිබේ.

සෙන්ටිමීටර් 30ක උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජපානයේ කාලගුණ ඒජන්සිය මීට පෙර පැවසුවේ ජපානයේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයේ ඔසාකා නගරයට දකුණින් වකයාමා දක්වා මීටර් තුනක් දක්වා සුනාමි රළ අපේක්ෂා කරන බවය.

ජපානයේ ගිනි නිවීමේ හා ආපදා කළමනාකරණ ඒජන්සිය පැවසුවේ මේ දක්වා කිසිදු තුවාලයක් හෝ හානියක් වාර්තා වී නොමැති බවය.

හොකයිඩෝ සිට ඔකිනාවා දක්වා විහිදෙන ජපන් වෙරළ තීරයේ අවට නගර සභා 133ක 900,000කට අධික පිරිසකට ඉවත් කර ඇත. 

මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. 

Related posts

President calls on women to come forward as a powerful force to build the nation

Mohamed Dilsad

பொதுநலவாய அரச தலைவர்கள் மாநாட்டின் அங்குரார்ப்பண நிகழ்வில் ஜனாதிபதி

Mohamed Dilsad

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

Editor O

Leave a Comment