ප්‍රමුඛ පුවත 1

විරෝධය හමුවේ කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති ඉල්ලා අස්වෙයි

(උදයම්,කොළඹ)  – පාසලේ සිසුන්ගෙන් සහ මව්පියන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නව විදුහල්පති කේ.කේ.විජේරත්න සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින් කළුපටි පැළඳ අද දහවල්ද විදුහල ඉදිරිපිටට පැමිණි මව්පියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ බව වාර්තාවෙයි.
මේ අතරතුර සිසුන් පාසල තුළ රතිඤ්ඤා පත්තු කරමින් නොසන්සුන්කාරි ලෙස හැසිරී තිබේ.
පසුව පාසලේ පාලන අධිකාරිය විසින් විදුහල්පතිවරයා ඉල්ලා අස්වී ඇති බව මව්පියන්ට දැනුම් දීමෙන් පසු විරෝධතාව අවසන් කර ඇත.

Related posts

නෙලුම් කුළුණෙන් වැටී තරුණයෙකු මරුට

Mohamed Dilsad

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

Mohamed Dilsad

පවතින අයහපත් කාළගුණය ගුවන් යානයක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment