විදෙස්

ඉන්දීයානු මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිට බහුතරය.

(UTV| කොළඹ) – ඉන්දීයානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

අදියර 7 ක් යටතේ පසුගිය අප්‍රේල් 11 වනදා ආරම්භ වූ ඡුන්ද විමසීම මැයි 19 වනදායින් අවසන් වුනේය.

මේ වන විට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් තහවුරු කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුක සන්ධානය ආසන 300 ඉක්මවා ගොස් ඇති අතර ඉන්දීය ලෝක් සභාවේ බහුතරය ලබාගැනීම සඳහා අසන 272 ලබා ගත යුතු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දැනට ලැබෙන වාර්තාවලට අනුව ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ සන්ධානය ආසන 100 අධික ප්‍රමාණයක් ජයග්‍රහනය කරනු ඇති බව එරට  මාධ්‍ය පවසයි.

එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මේ තත්වය මත නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය සන්ධානය ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිපිරීමක්

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපතිවරණයට ජනතාව අතර දැඩි උනන්දුවක්

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා මරණ 20000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment