ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර් මස නිකුත් වේ.

(UTV| කොළඹ) – ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම මගින් ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී නිකුත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් කලින් ජනාධිපතිවරණය කැඳවුවහොත් හැර නිල කාලය අවසන් වන්නේ නම් ජනාධිපතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට පැවරී ඇත.

ජනාධිපතිවරණ නීතිය අනුව ලබන නොවැම්බර් මස 09 වැනිදාත් දෙසැම්බර් මස 09 වැනිදාත් අතර සෙනසුරාදා දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුය.

ජනාධිපතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර සති පහත් හතත් ඇතුළත දිනයක් ඡන්ද විමසීමට තෝරා ගත යුතු වෙයි.

මේ අනුව නොවැම්බර් මස 30 වැනිදා හෝ දෙසැම්බර් මස 07 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහමග නවතා ඇති රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

පොලිසියේ පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

මධ්‍යම කඳුකරයට තද වැසි

Mohamed Dilsad

Leave a Comment