Trending News

ජනපති ලබන සතියේ රුසියාවේ සංචාරයක

(උදයම්,කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 වනදා රුසියාවේ තුන්දින නිළ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරය සඳහා එක්වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

විශේෂයෙන් රජයේ අපනයන සංවර්ධන වැඩසටහන යටතේ රුසියානු වෙළඳපොළ තුළ පවතින අවස්ථා හඳුනා ගැනීම පිළිබදව ද මෙහිදී සැලකිල්ලක් යොමු වනු ඇත.

ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ධීවර, විද්‍යා හා තාක්ෂණ, නවෝත්පාදන යන ක්ෂේත්‍රයන් හි ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබීමට නියමිතය.

ආරක්ෂක සහ ආර්ථික වශයෙන් දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී අවධානය යොමු වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

Related posts

Christchurch attacks: Victims honoured with national memorial service – [IMAGES]

Mohamed Dilsad

நாளை முதல் புனித நோன்பு ஆரம்பம்

Mohamed Dilsad

Kabul calls to revive trade with Sri Lanka

Mohamed Dilsad

Leave a Comment