ප්‍රමුඛ පුවත 1

ලුණුගම්වෙහෙර වෙඩි තැබීමක්.අයෙකු මරුට

(UTV|ඇඹිලිපිටිය) – ලුණුගම්වෙහෙර , බෙරලිහෙල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම දෙපිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බව පොලිසිය පවසයි.

එහිදී තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන් දෙබරවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

බෙරලිහෙළ ප්‍රදේශයේ නිවසක ඊයේ(16) මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී මෙම ගැටුම  ගෙන ඇත.

පසුව ඔවුන් යළි පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම,ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරයි..

Mohamed Dilsad

වියානා ඇලට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

අංගොඩ ලොක්ක අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment