ප්‍රමුඛ පුවත 1

වියානා ඇලට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ

(UTV|මහියංගනය) – මහියංගණය, වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
ගැමුණුපුර ඇඟලුම් කම්හල ආසන්නයේ තිබී මෙම මළ සිරුර අද උදෑසන සොයාගත් බව අප වාර්තාකරු පැවසීය.
මෙසේ සොයාගෙන ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළ සිරුරයි.
එකම පවුලේ මව, පියා සහ ඔවුන්ගේ නිවුන් දරුවන් දෙදෙනා මෙම මෝටර් රථයේ ගමන් කර ඇති බව වාර්තා විය.
මව සහ පියාගේ මළ සිරුරු මොටර් රථය තුළම තිබී ඇති අතර පිරිමි දරුවන් දෙදෙනාගෙන් අයකු දිවි ගලවාගෙන ඇති අතර අනෙකා දියේ ගිලී අතුරුදන්ව තිබිණි.
 මහනුවර, දිගන ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පියා සහ 40 හැවිරිදි මව මෙලෙස මිය ගොස් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්‍රහනයක් – රජය

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනක් දිවයිනට…

Mohamed Dilsad

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment