ප්‍රමුඛ පුවත 1

දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව

(UTV| කොළඹ) – දේශීය සංචාරකයින් සඳහා දින 3 ක් ගාස්තු අය කිරීමකින් තොරව සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.

ඒ වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීවය.

සීගිරි ව්‍යාපෘති කළමනාකරු විශ්‍රාමික මේජර් අනුර නිශාන්ත කියා සිටියේ 18 වනදා සිට 20 වනදා දක්වා මෙම අවස්ථාව ලබාදී ඇති බවයි.

ඒ අනුව සීගිරි කැණීම්වලින් හමුවූ පුරාවස්තු තැන්පත් කර ඇති ප්‍රදර්ශනාගාරය නැරඹීමටද නොමිලේ අවස්ථාව හිමි වනු ඇත.

මෙහිදී විදේශ සංචාරකයින්ටද මෙම ප්‍රදර්ශනාගාරය නොමිලේ නැරඹිය හැකි බව සීගිරි ව්‍යාපෘති කළමනාකාරවරයා පැවසීය.

මේ අතර සංචාරකයින් සඳහා යුද හමුදාව, ගුවන් හමුදාව සහ සීගිරිය පොලීසියද විශේෂ ආරක්ෂාවක් සළසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිට පාකිස්ථානයෙන් උණුසුම් පිළිගැනීමක්

Mohamed Dilsad

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment